Site icon Badulla News

උපකාරක පන්ති එන ළමුන්ට මත්පෙති අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු මාට්ටු

Badulla drugs

උපකාරක පන්ති එන ළමුන් ඉලක්ක කර ගනිමින් මත් ඖෂධ අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු බදුල්ල පොලිසිය විසින් ඉකුත්දා(20) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙලස පාසල් හා උපකාරක පන්ති සඳහා පැමිණෙන සිසුන් ඉලක්ක කොට දීර්ග කාලයක් තිස්සේ මත්පෙති අලෙවි කරන බවට බදුල්ල කොට්ඨාස බුද්ධි නිලධාරියාට ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී බදුල්ල විනීතගම පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ මත්වීමට ආදේශක ලෙස භාවිතා කරන මත්පෙති 10 බැගින් අඩංගු කාඩ් 09 ක් තිබී ඇත.
උප පොලිස් පරීක්ෂක නිමල්,  පො.සැ.3811 පිරිස්,  පො.කො.85327 දිසානායක,  කා.පො.සැ.3586 නිමාලි යන නිලධාරින් මෙම වැටලීම සිදුකර තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

https://www.youtube.com/channel/UCrKTdYU_qJNIGY0GQNRYDUQ

Exit mobile version