කෝවිඩ් 19- සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රු.25000 ක්
බදුල්ල රාජ්‍ය සේවා විශ්‍රාමික සමිතියෙන් කෝවිඩ් 19- සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රු.25000 ක්
කෝවිඩ් වසංගතය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා ගෝඨාබය රාජපක්ෂ ජනපති පත් කළ කෝවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බදුල්ල රාජ්‍ය සේවා විශ්‍රාමික සමිතිය රු. 25,000 ක් ගිය වසරේ දී පරිත්‍යාග කළ බව මෙම සමිතියේ ප්‍රධාන ලේකම් ආර්.එම්.ජයතිලක මහතා, සමිතියේ ප්‍රගති සමාලෝචන සන්නිවේදනයේ දී සඳහන් කළේය.
මෙයට අමතරව කයිලගොඩ වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් වෙත ආහාර සැපයීම සඳහා රු.15,000 ක් ද ,ජී.පී.මාටින් සිල්වා මාවතේ පිහිටි ‘උදය ළමා නිවාසයේ දරු පිරිස වෙත අවැසි භාණ්ඩ ලබා දීම සඳහා රු.4575 ක් ද පරිත්‍යාග කළ බව ජයතිලක මහතා සඳහන් කළේය.
(සටහන – බදුල්ල දකුණ)