බඩ ඉරිගු වගාවට මුවාවී කංසා වවලා
බදුල්ල, මීගහකිවුල මාලියද්ද ප්‍රදේශයේදි වියළි ගංජා ග්‍රෑම් 100ක්, වේලන ලද කංසා රිකිලි 292ක් සහ බඩ ඉරිගු හේන් ආසන්නයේ වගා කර තිබු කංසා ගස් එකසියය හැත්තෑ තුනකින් යුක්ත කංසා හේන් දෙකක් වැටලූ බවත් කංසා වේලමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් බදුල්ල, කන්දකැටිය පොලිසිය පවසයි.
මෙම කංසා පැළ උස අඩි 7ක් දක්වා උසට වැඩී තිබී ඇත, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 55 – බදුල්ල, මිගස්වත්ත සහ වයස අවුරුදු 40 – බදුල්ල ඇකිරියවත්ත, මාලියද්ද යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව මෙරට නිෂ්පාදිත බදින තුවක්කු දෙකක් ද තිබී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ නඩු භාණ්ඩ බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් කොට්ඨාශ බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත්තේ කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් දසනායක, පො.සැ 54225 සෝමපාල, පො.කො 66314 තිලකරත්න, පො.කො 13144 බුද්ධික, පො.කො 77477 ජානක, පො.කො 81146 ඒකනායක යන මහත්වරු විසිනි.
