Search for:
  • Home/
  • Badulla - Town/
  • බදුල්ල කන්දකැටිය කොට්ටගස්දූව රක්‍ෂිතයේ – නාදුනන මළසිරුරක්
බදුල්ල කන්දකැටිය කොට්ටගස්දූව රක්‍ෂිතයේ - නාදුනන මළසිරුරක්

බදුල්ල කන්දකැටිය කොට්ටගස්දූව රක්‍ෂිතයේ – නාදුනන මළසිරුරක්

කොට්ටගස්දූව රක්‍ෂිතයේ තිබී මළ සිරුරක් ඊයේ (6) හමුවූ බව කන්දකැටිය පොලිසිය කියයි. එම පුද්ගලයා කාගේ කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැත. පසුගිය (6) අලුයම පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනවලදී මෙම මළ සිරුර හමුවී ඇත.

මෙම පුද්ගලයා වයස අවුරුදු 55ක පමණ පුද්ගලයෙකු වන අතර ඒ අසල තිබී ජංගම දුරකථනයක් හමුවී ඇත.

බදුල්ල වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් සුජිවන සිල්වා මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකල අතර, වැඩිදුර විමර්ශන කටයුතු හමුවූ දුරකථනය ඔස්සේ සිදුකරන බව කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන. පො. පරීක්ෂක D.M.S.K දසනායක මහතා පවසයි.

About Author

Leave A Comment

All fields marked with an asterisk (*) are required