Site icon Badulla News

බදුල්ල මහියංගන රජ මාවත හන්දියේ වාහන තුනක් එකට ගැටී යතුරුපැදිකරුවෙකුට බරපතලයි

මහියංගන බදුල්ල ප්‍රධාන මාර්ගයේ බුද්දං කෝට්ට රජ මාවත හන්දිය ආසන්නයේදී ඊයේ (5වනදා) ලොරි රථයක් යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් අනතුරට පත්වීමෙන් යතුරැපැදියෙන් ගමන් ගත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා ඇත.

තුවාල ලැබූ යතුරුපැදිකරු මහියංගන මුලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ මහියංගන වයස අවුරුදු 37 පුද්ගලයෙකි.

බදුල්ල දිස්ත්‍රික පැමිණි ලොරියක් මාගේ ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානය ගමන්ගත් ත්‍රීරෝද රථයක එම ලොරි රථය ගැටී ඇත.

සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පැවැත්වේ

Exit mobile version