විදෙස් ශ්‍රමික සේවා ඇගයුම් තිලිණ
විදෙස් රැකියාවන්හි නියතුව වැඩිම වාර ගණනක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචිව සිටි ශ්‍රමිකයන් ඇගයීම හා ඔවුන් වෙත උපහාර තිලිණ වවුචර් පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ සේවා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් සිදු කෙරුනේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හාලිඇල සම්පත් මධ්‍යස්ථානයේ දීය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිනී හිල්මි අසීස්, දේශපාලඥයන්, රාජ්‍ය සේවකයන් හා ශුභ පතන්නන් රැසක් සහභාගී වුහ.
විදේශ රැකියා සදහා පිටත්ව යන සියලුදෙනාම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබ රැකියාව සදහා පිටත්ව යා යුතු වෙනවා. විදේශගත ශ්‍රමිකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ශ්‍රමිකයාගේ සහ පවුල්වල සාමාජිකයින්ට ලබාදෙන සුබසාධන සේවාවන් ලබාගැනීමටත් ලියාපදිංචිය අනිවාර්ය වෙනවා.
වැඩිම වාර ගණනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබ විදේශ ගතවූ ශ්‍රමිකයින් අගය කරමින් ඔවුන්ට තිළිණ වවුචරපත්, කාර්යාංශයේ ඌව පළාත් සම්පත් මධ්‍යස්ථානයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් බෙදා දුන්නා. වැඩිම වාර ගණනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබ විදේශගතවූවන් මෙවැනි අගය කිරීමකට ලක්වූයේ ඉතිහාසයේ පළමු වරටයි.
Gift vouchers were granted to the foreign employees who were registered in the maximum number of terms in the Foreign Employees’ Bureau and admired for their service of them by Manusha Nanayakkara, Minister of Labour and Foreign Employees- at a ceremony held at the Resource center of Foreign Employees’ Bureau, Hali-Ela. (27-5-2023).
State minister Jagath Pushpakumara, wadiveil Suresh (MP), Nilmi Azeez, chairwoman of the FEB., politicians, Public servants and well-wishers participated.

