ඌවදීප” අධ්‍යාපනික පුවත්පත දොරටවැඩුම
“ඌවදීප” අධ්‍යාපනික පුවත්පත දොරටවැඩුම පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද 17 දින සිදුවිය.
කොරෝනා වෛරස අධි වසංගත තත්වය හේතුවෙන් අකර්මන්‍යව ඇති ඌව පළාතේ පාසල් වල ඉගැන්වීම් කටයුතු යාවත්කාලීන කිරීමට පළාත් අධ්‍යාපන මෙහෙයුම් කමිටුවක් පිහිටුවා දුරස්ථ අධ්‍යාපනික ඉගැන්වීම් කටයුතු සිදු කිරීමේ වැඩ සටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩ සටහන ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය,අ ධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පළාත් සභා මාධ්‍ය කාර්යාංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.
ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ උපදේශකත්වයෙන්,ප් රධාන ලේකමී පී .බී විජයරත්න මහතා, අධ්‍යාපන ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්මිය, අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වශයෙන් ඌව පළාත් සභාවේ සහකාර ප්‍රවෘත්ති නිළධාරී ප්‍රසන්න පත්මසිරි මහතා කටයුතු කරනු ලබයි.
ප්‍රධාන සංස්කාරක මණ්ඩලය වශයෙන් පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ආනන්ද රත්නායක මහතා, ආර්.එම්.ටී නිශාන්ත, ආර්.ඩබ්ලිව් මින්ද තුෂාර, ප්‍රමිලා දිලිනි පෙරේරා මහත්මිය කටයුතු කරනු ලබයි.
“ඌවදීප” ඌව පළාත් සභාවේ නිළ පුවත්පත අධ්‍යාපනික පුවත්පතක් වශයෙන් සති පතා ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සියලුම විෂයන් වලට අයත් විෂය මාලාවන් ආවරණය වන පරිදි පුවත්පත සිංහල හා දමිල භාෂාවෙන් මුද්‍රණය කර පළාතේ සියලුම පාසල් වල දරුවන් අතට ලබාදීමට කටයුතු කර තිබේ.

“ඌවදීප” පුවත්පතට විෂය සමගාමි ලිපි සැපයිම විෂය ප්‍රවීණ හා පාසලේදි හා පෞගලික පංති අතර ඉගැන්වීම් කටයුතු වලින් ඌවේ නමක් දිනාගත් ප්‍රවීණ ගුරු මඩුල්ලක් මේ සදහා දායකත්වය ලබා දී තිබේ.
සටහන – බදුල්ල G.P.A වීරසුරිය