කන්දකැටිය මහජන පුස්තකාලයට ඵලදායිතා කුසලතා සහතිකයක්
කන්දකැටිය මහජන පුස්තකාලයට ඵලදායිතා කුසලතා සහතිකයක්.
ඌව පළාත් පාලන මහජන පුස්තකාල ඵලදායිතා සම්මාන ප්‍රධානෝත්සවය 2020/2021, ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්.මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වන ලදී.
මෙම සම්මාන ප්‍රදානයේදී කන්දකැටිය මහජන පුස්තකාලයට විශේෂ කුසලතා සහතිකයක් හිමි වූ අතර, ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. ගලගමආරච්චි මහතා අතින් කන්දකැටිය මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපතිනී ඒ.පී.එස්.සමරසිංහ මහත්මිය හා කාර්යය මණ්ඩලය සහතිකපත ලබාගත්තේය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) එම්.ඊ. සුමිත්‍රා ද සිල්වා මහත්මිය, පළාත් පාලන කොමසාරිස් එම්.එම්. විජේනායක මහතා, ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ කේ.එම්. අසිත සඳරුවන් ජයසූරිය මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.
