සමඟි ජන බලවේගය මොණරාගල ආසන බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් ඉකුත්දා (4) මොණරාගල නගරයේ දී පැවැත්විණි.
තෙල් මිල අඩුකිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩුකිරීම, ජනතාවට සහන ලබා දෙන ලෙසත් ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙසත් ඉල්ලමින් බැනර්, පෝස්ටර් හා සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් නගරය හරහා ගමන් කොට මොණරාගල වටරවුම අසලට රැස්වී පැය භාගයක උද්ඝෝෂණය නිරතවන ලදී.
මෙම උද්ඝෝෂණයට සමඟි ජනබලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර , මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.එච්.එම් ධර්මසේන යන මහත්වරුද සහභාගි වූහ.
Samagi Jana Balavegaya Protests to get reliefs to the public
*********************************************************************
By demanding to reduce the fuel prices, provide manure to farmers and get the reliefs to the masses a massive protest, organized by the members of the S.J.B.Monaragala electorate was held on 4th July,in Monaragala town.
The protesters paraded through the town by displaying banners and cutouts and saying slogans. Finally they gathered at the roundabout and continued the protest for nearly half an hour and ended the protest peacefully.
Article By – Weerasuriya Badulla